23 September, 2020

Blog

අපට සියල්ලන්වම ඇන්දවිය හැකිද?

ලසිල් ද සිල්වා

සෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත් ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක දක්නට ලැබෙන ලක්ෂණයකි. එසේ තිබියදී, 1972 දී 1978 දී වෙනත් ව්‍යවස්ථාවන් අප විසින් සකසා ගත්තේ, රබර් මුද්‍රාවකට සීමා වන පාර්ලිමේන්තුවකුත්, අධිකාරීවාදී විධායකයකුත් ඇති කර ගැනීමේ අශුද්ධ වූත්, දුෂ්ට වූත් යටි අරමුණකින් යැයි කෙනෙකුට තර්ක කිරීමේ හැකියාව තිබේ. ඒ හේතුවෙන්, එතෙක් රටේ පැවති ආචාර ධර්මීය, සදාචාරමය, සමාජ සංස්කෘතික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් ක‍්‍රමයෙන් හෑල්ලූ කිරීමට මග පෑදුණි. රාජ්‍යකරණය සහ දේශපාලනයත් ඒ සමග පරිහානියට ලක්විය. 1977 දී හයෙන් පහක බහුතරයක් එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගැනීමත් සමග මේ තත්වය, අත්තනෝමතික ව්‍යවස්ථාමය ඒකාධිපතියෙකු බිහි වීම දක්වා වර්ධනය වුණි.

Maithripala Post Electionමැතිවරණ ක‍්‍රමයට අදාළ වෙනත් අනපණත් සම්මත කර ගැනීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා විශාල ප‍්‍රයත්නයක් ගනිමින් සිටී. ඉතා අමාරුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු, ඒ යටතේ ‘ව්‍යවස්ථා සභාව’ පත්කර ගැනීම, විපක්ෂයේ විරෝධය මධ්‍යයේ දැන් ආණ්ඩුවට විශාල ප‍්‍රශ්නයක් වී තිබේ. මේ ‘ව්‍යවස්ථා සභාවට’ සාමාජිකයන් පත්කර ගැනීම මේ වන විට දෙවරක් කල් තබා තිබේ. අප කවුරුත් දන්නා පරිදි, 13 වැනි, 17 වැනි සහ 19 වැනි සංශෝධනයන් හැරුණු විට අනිත් සෑම ව්‍යවස්ථා සංශෝධනයක්ම පාහේ අප ඇති කරගෙන තිබෙන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය තව තවත් ශක්තිමත් කර ගැනීමට සහ බලයේ සිටින දේශපාලඥයාගේ අත ශක්තිමත් කිරීම සඳහා ය.

ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි කියන පරිදි, මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත වර්තමාන පාර්ලිමේන්තුව 255 දක්වා වැඩි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කොට තිබේ. අගමැතිවරයා විසින් යෝජිත 225 සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජිත 255 අතර අතරමැද සංඛ්‍යාවක් යෝජනා කොට ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව ඔහු කියයි. ජනාධිපතිවරයා ඉදිරියේ ඇති මෙම අළුත් බාධකය ජය ගැනීම සඳහා සමහර විට ඔහු එසේ යෝජනා කරනවා විය හැකිය.

මේ කැබිනට් මණ්ඩලය විසින්ම සම්මත කරගත් තවත් යෝජනාවක්ද තිබේ. ඒ අනුව, මන්ත‍්‍රීවරුන් 125 ක් ආසන මට්ටමින්ද, 75 ක් දිස්ත‍්‍රික් සමානුපාතික නියෝජනයෙන්ද, තව 25 ක් ජාතික ලැයිස්තුවෙන්ද පත්කර ගැනීමට තීරණය කෙරුණි. එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ යෝජනාවකි. මේ ආකාරයට, තමන් විසින්ම ගත් එක තීන්දුවක් ව්‍යර්ථ කෙරෙන තවත් තීන්දුවක්, දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ එම කැබිනට් මණ්ඩලය විසින්ම ගන්නේ කෙසේදැයි, වගකීමක් ඇති පුරවැසියෙකු වශයෙන් මම ප‍්‍රශ්න කරමි. පුද්ගලික වාසි තකා මෙසේ එක රැුයකින් ඔවුන් ස්වකීය ප‍්‍රතිපත්ති/තීරණ වෙනස් කරන්නේ නම්, ඔවුන්ට මේ රට සමෘද්ධිය කරා ගෙන යා හැකි යයි මම නොසිතමි.

තවත් එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම් කියන පරිදි මේ යෝජනාව තවම සාකච්ඡුා වෙමින් පවතින්නකි. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කිරීම සුළුතර අයිතීන් සුරක්ෂිත කිරීමට ඇති හොඳම ක‍්‍රමය බව විවිධ පාටවල සහ වර්ගවල දේශපාලඥයන් කියන බව මෙහිදී පෙනේ. සැබෑව එය නම්, පේ‍්‍රමදාස පාලන සමයේ එම සංඛ්‍යාව සියයට තුන් සීයකින් වැඩි කොට ඇති බව පෙන්වා දිය යුතුව තිබේ. එසේ වැඩි කරන අවස්ථාවේ ගෙනහැර දක්වන ලද හේතූන් වූයේ: (1) සුදුසුකම් ඇති උගත් පුරවැසියන්ගේ දැනුම රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම (2) ජාතික ලැයිස්තුව තුළින් සුළු ජාතීන්ගේ නියෝජනය වැඩි කිරීමට උපකාරී වීම ආදියයි. එදා සිට ජනතාව මොන තරම් මුළා කොට ඇත්ද යන්නත්, තමන්ගේ දේශපාලනික හෙංචයියන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමට මේ ජාතික ලැයිස්තුව මොන තරම් පාවිච්චි කොට ඇත්ද යන්නත් අද කවුරුත් දනිති.

කැබිනට් ඇමතිවරුන් තීරණ ගන්නේ කෙසේදැයි කෙටියෙන් හෝ පැහැදිළි කිරීම, ජනතාව දැනුවත් කිරීමේ පුරවැසි වගකීමක් කොට මම සළකමි. කැබිනට් යෝජනාව/පත‍්‍රිකාව සමග ඊට අදාළ ලිපිගොනු, අදාළ විෂය කාරණය, එහි ඇති ගැටළු තැන්, පක්ෂ සහ විපක්ෂ මතවාද සහ අදාළ යෝජනාවේ වාසි සහ අවාසි ආදිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. එය කැබිනට් ලේකම් කාර්යාලයේ රාජකාරියකි. එහිදී එම කාර්යාලය කාර්යක්ෂමව කටයුතු කොට නැතැයි මම නොසිතමි. එසේ තිබියදීත්, මේ කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ දෙකක් ගෙන තිබේ. එකක්, ඊට පක්ෂව ය. අනික, ඊට විපක්ෂව ය. මෙය, ආණ්ඩුකරණයේ බරපතල දුර්වලතාවකි.

ජුනි 2 වැනි දා මේ පුවත්පතටම මා ලියූ වෙනත් ලිපියකදී, පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව වැඩි නොකළ යුත්තේ මන්ද යන්නට අවශ්‍ය කරන තරම් සාක්ෂි ඉදිරිපත් කෙළෙමි. එම ලිපිය, මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යයේද පුළුල් සාකච්ඡුාවට ලක්විය. ඒ ගැන මට ලැබී ඇති ප‍්‍රතිචාර අනුව පෙනෙන්නේ, පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව වැඩි කිරීමට සාමාන්‍ය ජනතාව මුළුමණින් විරුද්ධ බවයි.

මන්ත‍්‍රී සංඛ්‍යාව 237 දක්වා වැඩි කිරීම සාධාරණ යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන බවක් ෆවුසි ඇමතිවරයා අඟවයි. යෝජිත අළුත් මැතිවරණ ක‍්‍රමය යටතේ සුළුජාතීන් ප‍්‍රමාණවත් පරිද්දෙන් නියෝජනය නොවන බවක් රවුෆ් හකීම් ඇමතිවරයා කියන බවක්ද පෙනේ. කෙසේ වෙතත්, අළුත් ක‍්‍රමය යටතේ සුළු ජාතීන්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවට, ඉතා නිවැරදිව ජනාධිපතිවරයා සහතික වී තිබේ.

මේ සිදුවීම්වලින් පෙනී යන්නේ, බලයට කෑදර පහත් දේශපාලඥයන්ගේ අභිලාෂයන් සැතපවීම, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මොන තරම් දුෂ්කර කටයුත්තක් වී ඇත්ද යන්නයි. රට ගැන ඔවුන්ට කිසි ගානක් නැත. රටේ ඇති සම්පත්වල හිඟකම ගැන, දැනටමත් විශාල පාර්ලිමේන්තුවක බර දැරීමට සිදුවී තිබෙන අසරණ ජනතාව ගැන, මේ පාර්ලිමේන්තුවට අමතරව, තවත් මට්ටමකින් පළාත් සභා ක‍්‍රමය කුත් ඇතැයි යන කාරණය සහ ඉතා ¥ෂිත පළාත් පාලන මට්ටමේ දේශපාලන යාන්ත‍්‍රයක බරකුත් ජනතාවට දරන්ට සිදුවී ඇතැයි යන කාරණා ගැන ඔවුන්ට කිසි ගානක් නැත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී රටට පොරොන්දු වූ යහපාලනය නොතකා, මොනම ආකාරයේ හෝ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කර ගැනීමක් නොකළ යුතු බව ජනතාව තදින්ම කියා සිටිය යුතුව තිබේ.

එකල ඉන්දියාව පාලනය කළ කොන්ග‍්‍රස් පක්ෂයේ නේරු ළඟට සිටි වඩාත් බලවත් නායකයා වූද, ‘උපදේශක කමිටුවේ’ සභාපතිවරයා වූද, වල්ලබායි පටෙල් (1875-1950), සුළු ජාතික අයිතීන් සම්බන්ධයෙන් වන වාර්තාවක් එදා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා වූ රාජේන්ද්‍ර ප‍්‍රසාද් වෙත ඉදිරිපත් කෙළේය. 1947 අගෝස්තු 27 වැනි දා, මේ වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡුාවට ගැනුණි. ’උපදේශක සභාවේ’ ප‍්‍රධාන නිර්දේශයන් ඉදිරිපත් කරමින් පටෙල් විවාදය ආරම්භ කෙළේය. එම වාර්තාව මගින්, (ඉස්සර ලංකාවේ තිබූ බහු-ආසනවලට සමාන) අනුබද්ධ මැතිවරණ කොට්ඨාශ සහ සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් නිර්දේශ කෙරුණි.

ඉලක්කගත ජන කණ්ඩායම්වල ප‍්‍රමාණයට සමානුපාතික වන තාක් දුරට, සුළුජන කොටස් වෙනුවෙන් වන විශේෂ වෙන් කිරීම් ඒ මගින් අනුමත කෙරුණි. නේරු වැනි ඉතා බලවත් නායකයන්ගේ විරෝධය තිබෙද්දී පවා, රට පුරා තිබෙන ව්‍යවස්ථා මණ්ඩලවල වෙන් කරන ලද ආසන මෙන්ම, පොදුවේ ඡුන්දය පාවිච්චි කිරීමේ මූලධර්මයද එහිදී ආරක්ෂා කරගන්නා ලදි. අප ද, දේශපාලඥයන්ට නොව, රටට ආදරය කරන්නේ නම් කළ යුත්තේ එයයි. අප ආර්ථික වශයෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වශයෙන් මීට වඩා යහපත් අදියරකට යන්නේ නම් එය ශ‍්‍රී ලංකාවේ වෙසෙන සෑම ජන කොටසකගේම සතුටට කාරණයක් වනු ඇත. එහෙත් අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන යෝජනාව වාසිදායක වන්නේ දේශපාලඥයන්ට පමණි.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කරන්නේ නම්, එය ජනමත විචාරණයකට ලක්කළ යුතු බව, මීට පෙර එක් අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කොට ඇති බවත් මට මතක ය. මේ නිසා කිසි සාධාරණ පදනමක් නොමැතිව මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කරන, ආර්ථිකමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් පටු තීරණවලට, අප යට විය යුතු නැත. ඒ වෙනුවට අප කළ යුත්තේ, පළාත්බද පරිපාලනයේ ශක්තිය සහ බලය තවත් වැඩි කිරීමයි.

රට ඉදිරියට ගෙන යාමට නම් සහ ආණ්ඩුව වඩාත් කාර්යක්ෂම කිරීමට නම්:

(1) ආණ්ඩු පද්ධතිය/යාන්ත‍්‍රණය යළි අර්ථ ගන්වා යළි ස්ථානගත කළ යුත්තේ, වියදම් අවම කරගන්නා ව්‍යාපාරික ආයතනයක් පරිද්දෙනි. මන්ත‍්‍රීවරුන් 225 කින් (හෝ, ඔස්ටේ‍්‍රලියාවේ මෙන් ඊටත් අඩු සංඛ්‍යාවකින්) අප සෑහීමට පත්විය යුත්තේය.
(2) නරක ආණ්ඩුකරණය නතර කළ යුතුය. මුලින් පැමිණිය යුත්තේ රටයි. දේශපාලඥයා නොවේ.
(3) සමස්ත ක‍්‍රමයම යළි සැලසුම්ගත කළ යුත්තේය. සංවිධාන ක‍්‍රමය සහ සමස්ත සේවා බෙදාහැරීමේ ක‍්‍රමය පොදු ජනතාවගේ යහපත තකා විය යුතුය.
(4) යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය හඳුන්වා දී වහා වැඩට බැසිය යුතුය.

අවසාන වශයෙන්, කළමනාකරණ නිපුණත්වයක් ඇති, යහපත් සහ උගත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම ගැන අප සිතා බැලිය යුතුය. පවතින දේශපාලන ක‍්‍රමය සුද්ද කළ යුතු බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පිළිගෙන තිබේ. ඒබ‍්‍රහම් ලින්කන් වරක් මෙසේ කියා ඇත: ‘‘ඔබට සියලූ මිනිසුන් ටික කලකට ගොනාට ඇන්දවිය හැක. එසේම, ටික දෙනෙකුව හැම දාමත් ගොනාට ඇන්දවිය හැක. එහෙත් සියලූ මිනිසුන්ව හැම දාමත් ගොනාට ඇන්දවිය නොහැක.’’

අප ඥානාන්විතව කටයුතු කළ යුතුව තිබේ. මන්ද යත්, අපේ වැරදිවලට අවසානයේදී අපටම වන්දි ගෙවීමට සිදුවන බැවිනි.

*2015 ජුනි 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Can We Fool All the People? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.