25 April, 2024

Blog

කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම ගෝලීය ප‍්‍රමුඛතාවකි

රෙබෙකා රයික්මාන් ටැවරස්

ආචාර්ය රෙබෙකා රයික්මාන් ටැවරස්

ආචාර්ය රෙබෙකා රයික්මාන් ටැවරස්

“අහසින් අඩකටත් වඩා දරා සිටින්නේ කාන්තාවන්” යැයි ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ සැප්තැම්බර් මාසයෙහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ පෙළේ උත්සවයක දී පැවසුවේ ය. 2030 වන විට කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම අවසන් කිරීම සඳහා කැප වීම පිණිස මෙම අවස්ථාවට ලෝක නායකයෝ 80 දෙනෙක් එක්ව සිටියහ. ”කාන්තාවන් බල ගැන්වීම හා ඔවුන්ගේ දායකත්වය අපගේ සියලූ රටවල ද ලෝකයේ ද තිරසර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ය යන්න සනාථ වූ හා පිළිගත් කරුණක්.”

උත්සවය සංවිධානය කෙරුණේ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් නව ගෝලීය සංවර්ධන න්‍යාය පත‍්‍රයක් සම්මත කර ගනිමින් සිටින තත්ත්වයක් තුළ ය. අපගේ ලෝකය පරිවර්තනය කිරීම: තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත‍්‍රය(Transforming Our World: The 2030 Agenda for Sustainable Development) නමින් හැඳින්වෙන එය ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව පිළිබඳ ස්වාධීන පරමාර්ථයක් ද (මෙය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය සහ කාන්තා කණ්ඩායම් විසින් කරන ලද තීව‍්‍ර හා අඛණ්ඩ අභිදේශනයක ප‍්‍රතිඵලය වේ) ඇතුළු ගෝලීය පරමාර්ථ 17ක් විදහා දක්වයි. පරමාර්ථ යටතේ හඳුනා ගැනෙන ඉලක්ක අතරට “ප‍්‍රසිද්ධ හා පෞද්ගලික අවකාශයන් තුළින් මිනිස් ජාවාරම හා ලිංගික හා වෙනත් ආකාර සූරා කෑම් ඇතුළු සියලූ කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට බලපාන ප‍්‍රචණ්ඩත්වයේ සියලූ ස්වරූප තුරන් කිරීම” මෙන් ම “ළමා විවාහය, කල් තියා විවාහය හා බලාත්කාරී විවාහය සහ ස්ත‍්‍රී ප‍්‍රජනක අංග ෙඡ්දනය වැනි සියලූ හානිකර පරිචයන්” තුරන් කිරීම ද ඇතුළත් ය.

ශ‍්‍රී ලංකාව ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව කරා යන ගමන තුළ වැදගත් පියවරයන් තබා ඇත. රටවල් විසින් කාන්තා අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික සැලසුම් සකස් කළ යුතු යැයි නිර්දේශ කළ ‘ක‍්‍රියාව සඳහා වූ බීජිං ප‍්‍රකාශනය හා වේදිකාව’ (Beijing Declaration and Platform for Action) උදෙසා ගෝලීය එකඟතාව පළ වීමට දෙවසරකට පෙර එනම් 1993 දී එය ‘කාන්තා ප‍්‍රඥප්තියක්’ සම්මත කළේ ය. එපමණක් නො වේ. ශ‍්‍රී ලංකාව 2005 දී සම්මත කළ ‘ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පණත’ සිවිල් පිළියමක් සම්පාදනය කරමින් පවුල තුළ ප‍්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීමට උත්සාහ දරයි. දණ්ඩ නීති සංග‍්‍රහයෙහි සංශෝධනයන් සිදු කරමින් කාන්තාවන් උදෙසා පවත්නා නීතිමය රැුකවරණයේ විෂය ක්ෂේත‍්‍රය පුළුල් කිරීම පිණිස දැනට පවතින නීති ශක්තිමත් කිරීම ද සිදු කර ඇත. ලිංගික දූෂණය, ව්‍යභිචාරය හා ලිංගික අපයෝජනය, අඩන්තේට්ටම් කිරීම හා සූරා කෑම සමන්විත වන්නේ කුමක් දැයි නිර්වචනය කළ 1995 අංක 22 දරණ සංශෝධනය ද මීට ඇතුළත් වේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ලිංගික සහ ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ ක‍්‍රියාවලියෙහි නිරතව සිටී.

මේවා ඉතා වැදගත් පියවරයන් ය. කෙසේ වුව ද ශ‍්‍රී ලංකාව තුළ මෙන් ම සියලූ රටවල ද කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යනු වඩාත් ම පුළුල්ව පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් එකක් වේ. පුළුල්ව පැතිරුණු වෙනස්කම් කිරීමේත් අසමානතාවේත් ප‍්‍රතිඵලය වන එය ජීවිත විනාශ කරනවා පමණක් නො ව ප‍්‍රජාවන්ට හානි කිරීම හා සංවර්ධනය දුර්වල කිරීම ද කරයි. ලෝක පරිමාණව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ දී බොහෝ විට සිය කුලූපග හවුල්කරුවා අතින් ම කායික හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්වය අත්විඳ ඇත.

කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම යනු එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාවන්ගෙන් එකකි. එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ (UN Women) සංවිධානය ලොව වටා රජයන් හා කාන්තා කණ්ඩායම් සමග එක්ව කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට ජාත්‍යන්තර මිනුම් දඬුවලට හා ප‍්‍රමිතීන්ට අනුකූලව විසඳුම් සෙවිය හැකි වන අයුරින් ජාතික නීති හා ප‍්‍රතිපත්ති ශක්තිමත් කිරීමට හා ක‍්‍රියාත්මක කිරීමට රජයන්ට උදව් කරයි. කාන්තාවන්ට පොලීසිය හා අධිකරණ පද්ධතිය වෙත ප‍්‍රවේශ වීමට උදව් කරන එම සංවිධානය ප‍්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අයට වුවමනා කරන අත්‍යවශ්‍ය සහාය සම්පාදනය කරයි. එය ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන අතර නගරයන් කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට සුරක්ෂිත අවකාශ බව සහතික කිරීමට නගර සභා සහ ප‍්‍රජා හවුල්කරුවන් සමග එක්ව වැඩ කිරීම ඊට උදාහරණයකි.

එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය ‘කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ භාරකාර අරමුදල’ (UN Trust Fund to End Violence against Women) හරහා වඩාත් ම අවශ්‍ය තැන්වල දී කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිණිස වූ මුල පිරීම්වලට සහාය දක්වයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යටතේ ක‍්‍රියාත්මක ‘කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එක් වන්න’ (UNiTE to End Violence Against Women) වැඩ සටහන මෙහෙයවමින් එම සංවිධානය සෑම මසක ම 25 දා ‘තැඹිලි දිනය’ (Orange Day) පවත්වන අතර එමගින් කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතය සංකේතවත් කරයි. ‘කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ දින 16 ක‍්‍රියාකාරකම’ (16 Days of Activism to End Violence against Women) ක‍්‍රියාත්මක කරමින් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා කාලය තුළ දී එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම හා අවසන් කිරීම සඳහා ක‍්‍රියා කරන ලෙස ඉල්ලමින් රජයන්, සිවිල් සමාජය, සිසුන්, ස්වේච්ඡුා සේවකයන්, නීති සම්පාදකයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් සජීවීකරණය කරයි. උදාහරණයක් ලෙස 2014 දී එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවෝ ශ‍්‍රී ලංකාවේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට උදව් කරන දුරකථන සේවාව පිළිබඳව සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් දැනුවත් කරමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කළේ ය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව විසින් සකස් කොට පවත්වා ගෙන යන මෙම උදව් කිරීමේ දුරකථන සේවාව ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් උදෙසා පවත්නා නීති ආධාර, මනෝ සමාජීය සහාය හා උපදේශන සේවා පිළිබඳ තොරතුරු සම්පාදනය කරයි. භාෂා තුනෙන් ම දියත් වන මෙම ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව පුරා සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් 256,000ක් වෙත ළඟා වී තිබෙන බවට තක්සේරු කර ඇත.

එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානය ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව යනු ‘කාන්තා ගැටලූවක්’ නොවන බව ඒත්තු ගෙන සිටී. දැනුවත්කම නැංවීම, ඍණාත්මක සාම්ප‍්‍රදායික අදහස්වලට එරෙහිව ක‍්‍රියා කිරීම හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා දරන සියලූ පරිශ‍්‍රමයන්හි සාර්ථකත්වය සඳහා පිරිමින් හා පිරිමි ළමයින් සම්බන්ධ කර ගැනීම තීරණාත්මක වේ. එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ සංවිධානයේ ඇය වෙනුවෙන් ඔහු(He for She) වැඩ සටහන තම සහයෝගිතාව පළ කිරීම හා ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව වෙනුවෙන් නැගී සිටීම සඳහා පිරිමින්ට හා පිරිමි ළමයින්ට වේදිකාවක් සම්පාදනය කරමින් ඍජුව ම මේ උදෙසා හඬ නගයි. එම වැඩ සටහන ශ‍්‍රී ලංකාව තුළ දියත් කෙරෙන්නේ 2016 දී ය. එය වෙනස ඇති කිරීමේ නියෝජිතයන් ලෙස පුද්ගලයන්, ප‍්‍රජාවන්, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික සමායතන, රජයේ නායකයන්, ක‍්‍රියාකාරකයන් හා සුප‍්‍රකට පුද්ගලයන් සම්බන්ධ කර ගනියි.

දැන් ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානතාව කරා යන ගෝලීය ගමන නතර කළ නොහැකි අතර ශ‍්‍රී ලංකාවට ද ඊට මග පෙන්විය හැකි ය. ජනාධිපති සිරිසේන මහතාගේ කැප වීම මෙම පරිවර්තනීය වෙනස ඇති කිරීම සඳහා පවතින ප‍්‍රබල දේශපාලන අධිෂ්ඨානය පිළිබඳ ලකුණකි. ප‍්‍රමාණවත් සම්පත් ද පෞද්ගලික අංශයේ, සිවිල් සමාජයේ, විද්වතුන්ගේ හා කාන්තා කණ්ඩායම්වල සම්බන්ධය ද මෙම කැප වීම සමග ගැළපී ගත් විට ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව කරා යන ගමනේ වේගය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි අතර 2030 වන විට ‘50:50 ග‍්‍රහ ලෝකය’(Planet 50:50) පරමාර්ථය මුදුන් පමුණුවා ගත හැකි වනු ඇත.

*ආචාර්ය රෙබෙකා රයික්මාන් ටැවරස් යනු එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ ඉන්දියාව, භූතානය, මාලදිවයින හා ශ‍්‍රී ලංකාව සඳහා වූ බහුදේශීය කාර්යාලයේ නියෝජිතවරිය යි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.